උසස් පෙළ එක් විෂයක් පිළිබඳව සිසුන්ට විශේෂ දැනුම්දීමක් - දැනගෙනම යන්න

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එම නිවේදනයට අනුව, අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා දිවයින පුරා පිහිටුවනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට කටයුතු සලසා ඇති බව සඳහන් වේ. මෙම කාලය තුළ අපේක්ෂකයින්ට නියමිත දිනය සහ මධ්‍යස්ථානය අනුව පරීක්ෂණයට සහභාගී විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ අයදුම්පත්‍රවල සඳහන් ලිපිනයට තැපැල් මාර්ගයෙන් යොමු කර ඇති බවයි.

එසේම, ප්‍රවේශපත්‍ර තැපැල් මගින් නොලැබුණු අපේක්ෂකයින් සඳහා 2026 ජනවාරි 19 දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වන සියලුම අපේක්ෂකයින් නියමිත වේලාවට පරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණීම, ප්‍රවේශපත්‍රය සහ අනෙකුත් අවශ්‍ය ලේඛන රැගෙන පැමිණීම මෙන්ම, විභාග නියමයන් හා උපදෙස් දැඩිව පිළිපැදීම අත්‍යවශ්‍ය බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වේ

හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වේ

මෙම විභාගය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ විමසීම් කළ හැකි අතර, ඒ සඳහා

ක්ෂණික ඇමතුම් අංකය 1911

දුරකථන අංක 011 2784208 සහ 011 2784537

ෆැක්ස් අංකය 011 2784422 මෙන්ම විද්‍යුත් තැපෑල gcealexam@gmail.com ලෙස භාවිත කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

රන් වෙළඳපොළ උණුසුම අඩුවෙයි - රන් මිල පහළට

රන් වෙළඳපොළ උණුසුම අඩුවෙයි - රන් මිල පහළට