මෙරට සිනමාව හැඩකළ දැවැන්තයා - මහේන්ද්‍ර පෙරේරාගේ සුවිශේෂී චිත්‍රපට 7ක් නොමිලේ නැරඹීමට අගනා අවස්ථාවක්

By Kanchana Aug 09, 2026 08:34 AM GMT
Report

ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රවීණ හා සම්මානනීය රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතාගේ 70 වැනි ජන්ම දිනය සහ දශක පහක් පුරා සිනමාව වෙනුවෙන් කළ සුවිශේෂී දායකත්වය අගය කරමින් සංවිධානය කෙරෙන ‘මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට සතිය’ (Mahendra Perera Tribute Film Week) අගෝස්තු 10 වැනිදා සිට පැවැත්වීමට නියමිතය.

මැලේසියානු සහ සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලවලදී Riverstone චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ මහේන්ද්‍ර පෙරේරා මහතා, දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ ආදරය හා ගෞරවය දිනාගත් සුවිශේෂී කලාකරුවෙකි.

එතුමාගේ දීර්ඝ හා සාර්ථක සිනමා දිවියට උපහාරයක් ලෙස පැවැත්වෙන මෙම විශේෂ සිනමා සතියේදී, මහේන්ද්‍ර පෙරේරා මහතා රංගනයෙන් දායක වූ සම්මානනීය හා ජනප්‍රිය සිනමා නිර්මාණ කිහිපයක් ප්‍රදර්ශනය කෙරේ

චිත්‍රපට ප්‍රදර්ශන කාලසටහන

අගෝස්තු 10 | ප.ව. 6.30   මිල්ලේ සොයා (Mille Soya) අධ්‍යක්ෂණය — බූඩි කීර්තිසේන

අගෝස්තු 12 | ප.ව. 6.30  28 අධ්‍යක්ෂණය — ප්‍රසන්න ජයකොඩි

අගෝස්තු 14 | ප.ව. 6.30  සුළඟ එනු පිණිස (Sulanga Enu Pinisa) අධ්‍යක්ෂණය — විමුක්ති ජයසුන්දර

අගෝස්තු 15 | ප.ව. 3.30  පැරඩයිස් (Paradise) අධ්‍යක්ෂණය — ප්‍රසන්න විතානගේ  අගෝස්තු 15 | ප.ව. 6.30

 බඹර වළල්ල (Bambara Walalla) අධ්‍යක්ෂණය — අතුල ලියනගේ අගෝස්තු 16 | ප.ව. 3.30

 කළු සුදු සහ අළු (Kalu Sudu Saha Alu) අධ්‍යක්ෂණය — සුදත් මහදිවුල්වැව අගෝස්තු 16 | ප.ව. 6.30

සඳ දඩයම (Sanda Dadayama) අධ්‍යක්ෂණය — අශෝක හඳගම

ප්‍රවේශපත්‍ර නොමිලේ

මෙම විශේෂ සිනමා දැක්ම සඳහා ප්‍රවේශපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන අතර, ආසන සංඛ්‍යාව සීමිත බැවින් සිනමා ලෝලීන්ට හැකි ඉක්මනින් තම ආසන වෙන්කරවා ගන්නා ලෙස සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

ආසන වෙන්කරවා ගැනීම සඳහා Eventure.lk වෙබ් අඩවිය හෝ Mahendra Perera Actors Studio නිල ෆේස්බුක් පිටුව භාවිත කළ හැකිය.  මහේන්ද්‍ර පෙරේරාගේ දශක පහක සිනමා ගමන සමඟ යළිත් සිනමා ශාලාවකදී හමුවෙමු

Gallery