ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කරන්න නම් මේ ආහාර වර්ග 7 ට්‍රයි කරන්න..

Report

ඩයට් ප්ලෑන්ස්, එක්සයිස් කිරීම්, ජොගින්, ජිම් එකට යාම් මේ හැමදේම අපි කරන්නේ බර අඩු කර ගන්න. නිතරම ඩයටීෂියන්ලා හොයන්නේ ඉන්ටර්නෙට් පීරමින් විවිධ විස්තර හොයන්නේ ඉක්මනින් කෙට්ටු වෙන්න. ඉතින් සිරුරේ බර අඩුකර ගන්න වෙහෙස වෙන ඔබට මේ ලිපිය වැදගත් වේවී. මේ ලිපියෙන් අපි ඔබට හදුන්වා දෙන්නෙ සිරුරේ බර අඩු කිරීමට සහය වන ආහාර වර්ග කීපයක් ගැනයි.

බිත්තර  

[

කොලෙස්ටරෝල් වැඩි වෙන නිසා බොහෝ අය බිත්තර වලට බයයි. බිත්තර අධික ලෙස පරිභෝජනයට ගැනීම කොලෙස්ටරෝල් ඉහළ නංවන්න පුලුවන්. නමුත් බර අඩු කර ගන්න බිත්තර හොඳ ආහාරයක්. ප්‍රෝටීන් සහ මේදය සහිත බිත්තර උදේ ආහාරයක් ලෙස භාවිතා කරන්න පුලුවන්.කැලරි ඩයට් කරන අයට බිත්තර ඉතා හොඳ ආහාරයක්. එනම් අනවශ්‍ය ලෙස කාබෝහයිඩ්‍රේට් සිරුරට එකතු කර ගන්න අකමැති බොහෝ දෙනෙක්ට ප්‍රධාන ආහාර වේල් වලට බිත්තර එකතු කර ගන්න පුලුවන් .  

කොළ පැහැ පලා වර්ග

ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කරන්න නම් මේ ආහාර වර්ග 7 ට්‍රයි කරන්න.. | 7 Foods That Will Help You Lose Weight Fast

ඩයට් ප්ලෑන් අනුගමනය කරන ඔබට නිවිති වැනි පලා වර්ග හොඳ විසඳුමක්. කැලරි සහ කාබෝහයිඩ්‍රේට් අඩු වීමත් තන්තු ප්‍රමාණය වැඩි වීමත් නිසා මෙය පරිපූර්ණ ආහාරයක්.විටමින්,ප්‍රතිඔක්සිකාරක සහ කැල්සියම් අඩංගු කොළ පැහැ පලා වර්ග කැලරි වැඩි නොකර සමබල ආහාරයක් ලබා ගන්න හොඳ ක්‍රමයක්.

ගෝවා කුලයේ එලවලු

ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කරන්න නම් මේ ආහාර වර්ග 7 ට්‍රයි කරන්න.. | 7 Foods That Will Help You Lose Weight Fast

බ්‍රොකොලි, මල් ගෝවා, ගෝවා වැනි එළවලු වල ඉහල තන්තු ප්‍රමාණයක් තිබෙනවා.සත්ව ආහාර සහ රනිල කුලයේ තරමට නැතත් හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් ද තිබෙනවා. ප්‍රෝටින් සහ තන්තු සහ අඩු ශක්ති සංයෝජනයක් සහිත මේ එළවලු බර අඩු කර ගන්න කැමති ඔබට ගැලපෙනම ආහාරයි.

අලිගැටපේර

ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කරන්න නම් මේ ආහාර වර්ග 7 ට්‍රයි කරන්න.. | 7 Foods That Will Help You Lose Weight Fast

බොහෝ පළතුරු වල කාබෝහයිඩ්‍රේට් තිබුණත් අලිගැටපේර වල බහුල වන්නේ මේදයයි.ඒ වගේම එහි ජලය සහ තන්තු ද අඩංගුයි. සලාද වලට අලිගැටපේර එකතු කර ගැනීමෙන් ඔබට පරිපූර්ණ ආහාර වේලක් සකසා ගන්න හැකියාව තිබෙනවා.

ඇපල් සයිඩර් විනාකිරි

ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කරන්න නම් මේ ආහාර වර්ග 7 ට්‍රයි කරන්න.. | 7 Foods That Will Help You Lose Weight Fast

අධික කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර වේලක් ගනිද්දී ඇපල් සයිඩර් විනාකිරි එකතු කර ගන්න.ඒ වගේම බොහෝ තරබාරු පුද්ගලයන් දිනකට විනාකිරි මිලි ලීටර් 30ක් පමණ ලබා ගැනීම නිසා බර කිලෝග්‍රෑමයක් පමණ අඩු කර ගන්නා බවද සමහර පර්යේෂණ සඳහන් කරනවා.නමුත් මෙහි විවිධ අහිතකර බලපෑම් ද තිබෙන්නට පුලුවන්

මිදි

ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කරන්න නම් මේ ආහාර වර්ග 7 ට්‍රයි කරන්න.. | 7 Foods That Will Help You Lose Weight Fast

ඔබේ දෛනික ආහාර වේලකට පැය බාගයකට පෙර මිදි ගෙඩියක් ආහරයට ගැනීම කැලරි අඩු කර ගන්න හේතුවක් වෙනවා.

මිරිස් වර්ග

ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කරන්න නම් මේ ආහාර වර්ග 7 ට්‍රයි කරන්න.. | 7 Foods That Will Help You Lose Weight Fast

මිරිස් සහ ගම්මිරිස් බර අඩු කර ගන්න උදව් වෙනවා.ගම්මිරිස් ආහාරයට නොගන්නා පුද්ගලයන්ගේ මේද දහනය වැඩි බවත් මිරිස් ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය අඩු වීම බර අඩු වීමට ප්‍රයෝජනවත් බව පර්යේෂණ වල සඳහන්.

දවස් 7න් කිලෝ 5ක් බර අඩුකර ගමුද? මෙන්න ෆුල් ඩයට් ප්ලෑන්

දවස් 7න් කිලෝ 5ක් බර අඩුකර ගමුද? මෙන්න ෆුල් ඩයට් ප්ලෑන්

සැලකිලිමත් විය යුතුම කරුණු

ඉතින් මේ සියල්ල ඔබේ ආහාරයට වැඩිපුර එකතු කර ගන්න කලින් ඔබේ වර්තමානයේ සෞඛ්‍යය තත්වය ගැන නිවැරදිව තක්සේරුවක් කර ගන්න. උදාහරණයක් ලෙස ඔබට ගැස්ට්‍රයිටිස් රෝගය ඇත්නම් ඔබට ගම්මිරිස් හෝ ඇපල් සයිඩර් විනාකිරි එතරම් සුදුසු වන්නේ නෑ.

ඒ වගේම ඔබ ගර්භණී මවක් නම් , කිරිදෙන මවක් නම් අධික රුධිර පීඩනය,කොලොස්ටරෝල් වැනි බෝ නොවන රෝග වලින් පෙලෙන කෙනෙක් නම් මේ ආහාර වර්ග වැඩිපුර දෙනිකව ආහාර වේල් සදහා එකතු කර ගනිමින් සිරුරේ බර අඩුකර ගන්න උත්සාහ කරන්න කලින් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා.  

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න