බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 07ක් බඩුත් එක්කම අත්අඩංගුවට
නොර්වුඩ්, හළුවැල්ල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 07දෙනෙකු මැණික් ගැරීමට යොදාගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව නොර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ලෝකෙම බලන් ඉන්න තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි - විජේගේ බලාපොරොත්තු සුන්?
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ත් 43 ත් අතර පසු වන නොර්වුඩ් හා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
එමෙන්ම නොර්වුඩ් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.