ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

Report

අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේ දී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පිස්තෝල අවිය මීට දින කිහිපයකට පෙර වෙනත් පුද්ගලයෙකු විසින් මොහුට ලබාදී ඇති බවට අනාවරණය වී තිබේ.

 ඒ වගේම එම සැකකරුද පෙරේදා (03) දින රාත්‍රීයේ දී අම්බලන්ගොඩ, වාද්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අවුරුදු 22ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

කටුගස්තොටත් කැළඹෙයි - වෙඩි තැබීමක්

කටුගස්තොටත් කැළඹෙයි - වෙඩි තැබීමක්

 මෙම සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තාගේ ගෝලයින් බවට අනාවරණය වී ඇති අතර යම් අපරාධයක් කිරීම සඳහා මොවුන්ට මෙම පිස්තෝල අවිය ලබාදී ඇති බවට ද දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.