ලෝකෙම බලන් ඉන්න තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි - විජේගේ බලාපොරොත්තු සුන්?
By Kaushi
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි.
එම තැපැල් ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵලවලට අනුව ආසන 94කින් ආසන 67ක පෙරමුණ ගැනීමට මහ ඇමති එම්.කේ. ස්ටාලින් නායකත්වය දෙන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම දෙවන ස්ථානයට පත්ව ඇත්තේ නළු විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය වන අතර ඔවුන් ආසන 19ක පෙරමුණේ පසුවෙන බව සඳහන්.
මේ අතර ආසන 8ක පෙරමුණ ගනිමින් එඩප්පාඩි පලනිසාමි නායකත්වය දෙන සමස්ත ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂය තෙවන ස්ථානයේ පසුවෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.