රාජ්‍ය ගෞරව මැද මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද

Report

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම නිල පිළිගැනීමේ උත්සවය ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.නිල උත්සවයෙන් අනතුරුව දෙරටේ නායකයින් එක්ව ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද සැලසුම් කර ඇත.

මෙම සංචාරය අතරතුර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතය. 

වෙසල් ලක්ෂ 3යි - රේස් ලක්ෂ 2.5යි.. බදු සෙල්ලම නිසා වාහන මිල අහසට

වෙසල් ලක්ෂ 3යි - රේස් ලක්ෂ 2.5යි.. බදු සෙල්ලම නිසා වාහන මිල අහසට

එමෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය. 2023 වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ ශ්‍රී ලංකාවට සිදුකරන පළමු නිල සංචාරයද මෙය වේ.

මේ අතර, මෙම රාජ්‍ය සංචාරය හේතුවෙන් ලබන 06 වන දින දක්වා කොළඹ නගරය ආශ්‍රිතව අවස්ථානුකූලව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළේය. 

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න