විශේෂ මෙහෙයුම් - පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

Report

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලීසිය සදහන් කර ඇත්තේ ඊයේ (03) දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට ලක් කළ බවයි .

එහිදී සැකපිට පුද්ගලයින් 548ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 147දෙනෙකුද හඳුනාගෙන තිබේ.

''අප්පච්චි වත්තට ගියේ කෑමට ගෙදර එනවා කියලා '' ආන්දෝලානාත්මක රංගගේ මරණය ගැන දියණිය කියන කතාව

''අප්පච්චි වත්තට ගියේ කෑමට ගෙදර එනවා කියලා '' ආන්දෝලානාත්මක රංගගේ මරණය ගැන දියණිය කියන කතාව

තවද මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 212දෙනෙකුද විවෘත වරෙන්තුකරුවන් 158දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 තවද බීමත් රියදුරන් 135ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 83දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

  ඒ වගේම රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,996කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කර තිබේ