ලෝකෙම පුදුම කරමින් ඉරානය අසරණ කළ රටවලට ට්‍රම්ප්ගෙන් සහනයක් - අද සිට ඇරඹෙයි
By Kaushi
ඉරානය විසින් පාලනය කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) සිරවී ඇති නැව්වලට මඟ පෙන්වා ඒවා මුදාගැනීමේ ප්‍රයත්නයක් අද (04) දින සිට ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් නෞකා සිය ගණනකට සහ නාවිකයන් 20,000කට පමණ උපකාරී වන මෙම පුළුල් මෙහෙයුම පිළිබඳව ඔහු වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැයි 3 වන ඉරිදා දින සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ ඉරාන යුද්ධය හේතුවෙන් "මධ්‍යස්ථ සහ නිර්දෝෂී" රටවල් පවා පීඩාවට පත්ව ඇති බවයි.
"අපි එම රටවලට පවසා තිබෙනවා, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යාම සඳහා ඔවුන්ගේ නැව් මෙම සීමාසහිත මුහුදු මාර්ගවලින් ආරක්ෂිතව පිටතට ගෙන යාමට අප මඟ පෙන්වන බව," යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබූ බව සඳහන්.