වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

Report

අද(15) අලුයම නැගෙනහිර ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර සිය ගණනක් ඉවත් කිරීමට සිදුව ඇත.

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් ප්‍රදේශයට කිලෝමීටර 10ක් ගැඹුරින් මෙම නොගැඹුරු භූමිකම්පාව ඇති වූ අතර ඉන් පසුව රික්ටර් මාපකයේ 6.1ක් වූ පසු කම්පන දෙකක් ඇති ව තිබෙනවා.

එමෙන්ම භූ කම්පනයේ අපිකේන්ද්‍රය නැගෙනහිර නුසා තෙන්ගාරා පළාතේ එන්ඩේ සිට කිලෝමීටර් 68ක් (සැතපුම් 42ක්) උතුරු-වයඹ දෙසින් පිහිටා ඇත. කෙසේ වෙතත් ක්ෂණික ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්.

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

අද පෙ.ව. 04:02 ට නිවේදනයක් - ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ඇත් ද නැත්ද යන්න දැනුම් දෙයි

මේ අතර ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා, දේශගුණ විද්‍යා සහ භූ භෞතික විද්‍යා ඒජන්සිය (BMKG) සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර වෙරළ තීරයන්ගෙන් සහ ගං ඉවුරුවලින් ඈත්ව සිටින ලෙස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

එමෙන්ම එම ඒජන්සියේ භූමිකම්පා සහ සුනාමි අධ්‍යක්ෂ විජයන්ටෝ පවසා ඇත්තේ, "සුනාමි ආකෘති නිර්මාණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මෙම භූමිකම්පාව නැගෙනහිර නුසා ටෙන්ගාරා, දකුණු සුලවේසි සහ බටහිර නුසා ටෙන්ගාරා පළාත්වල සුනාමියක් ඇති කිරීමේ හැකියාව ඇති බවයි,"

සුළු මොහොතකට පෙර අගෝස්තු 15 දිනය පුරා වලංගු නිවේදනයක් - 2න් පසු තත්ත්වය දරුණු වෙයි

සුළු මොහොතකට පෙර අගෝස්තු 15 දිනය පුරා වලංගු නිවේදනයක් - 2න් පසු තත්ත්වය දරුණු වෙයි

එසේම මීටර් 0.5 සිට මීටර් තුනක් (අඩි 1.6 සිට 9.8 දක්වා) දක්වා වූ රළ සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එබැවින් ෆ්ලෝරස් දූපතේ මවුමෙයාර් නගරයේ පදිංචිකරුවන් උස් බිම් කරා ඉවත් වෙමින් සිටි බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර සුනාමියක් ඇතිවීමට පෙර සුලභ සංසිද්ධියක් වන අතර, එම ප්‍රදේශයේ මුහුද බැස යන ආකාරය දැකගත හැකි බව වාර්තා වී ඇති අතර බලධාරීන් කිසිදු හානියක් වාර්තා කර නොමැති වුවත් සෙන්ටිමීටර 19 ත් 30 ත් අතර සුනාමි රළ අනාවරණය වී ඇති බව සඳහන් කරයි.   

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව