අනීතික නිදහසක් - රජයේ පසුබැස්මක්ද නැත්නම් දේශපාලන සැලැස්මක්ද?

Report

අධිකරණය මගින් වරදකරුවන් ලෙස සිරකරුවන්ට ජනාධිපති විශේෂ පොදු සමාව ලබා දී ඇති බවට අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණයට අසත්‍ය වාර්තා සැපයීමට ආධාර හා අනුබල දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලද, මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේරත් මුදියන්සේලාගේ තුෂාර නිශාන්ත උපුල්දෙණිය මහතා 2025 ජුනි 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (10දා) නියෝග කළේය.

රටම බලන් ඉන්න විශේෂ හෙළිදරව්වක් – CID හා රනිල් අතර තීරණාත්මක හමුවක්

රටම බලන් ඉන්න විශේෂ හෙළිදරව්වක් – CID හා රනිල් අතර තීරණාත්මක හමුවක්

සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහැරීමේ ඉල්ලීම විත්තියේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ ද, එය ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, සැකකරු 2025 ජුනි 11 දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

විමර්ශනවලට අනුව, පසුගිය වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාර 29ක රඳවා සිටි සිරකරුවන් 338 දෙනකු අතරින්, නියමිත කොන්දේසි සපුරා නොමැතිව සිරකරුවන් දෙදෙනකු අනීතික ලෙස මුදාහරිමින් අසත්‍ය ලේඛන ඉදිරිපත් කර ඇති බව අනාවරණය වී ඇත. එසේම, 2024 දෙසැම්බර් 25 නත්තල් උත්සවය වෙනුවෙන් සිරකරුවන් 332 දෙනකු සහ 2025 පෙබරවාරි 04 නිදහස් උත්සවය යටතේ සිරකරුවන් 274 දෙනකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.

අද ඔබේ දක්ෂතා දිදුලන දවසක්! – ලග්න අනුව තරඟයට සූදානම් වන්න

අද ඔබේ දක්ෂතා දිදුලන දවසක්! – ලග්න අනුව තරඟයට සූදානම් වන්න

කෙසේ නමුත්, ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබුණු, නියමිත කොන්දේසි සපුරාලනු නොලැබූ සිරකරුවන් 57 දෙනකු නත්තල් උත්සවයේදී සහ තවත් 11 දෙනකු නිදහස් උත්සවයේදී නිදහස් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇති බව දිලීප පීරිස් මහතා පැවසීය. විමර්ශන තවමත් අවසන් නොවූ බැවින්, සැකකරු ඇප මත මුදා නොහැරිය යුතු බව ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ක්‍රියාකලාපය තුළින්, නීතියේ ආධිපත්‍යයට එපිටින් ගිය පාලන තන්ත්‍රයක් බන්ධනාගාරවල, පොලිසිය ඇතුළු ආයතනවල ගොඩනඟා ඇති බව පැහැදිලි වන බවත්, එවැනි අනීතික බලකොටු බිඳ දැමීමට නීතිපතිවරයාට හා විමර්ශන නිලධාරීන්ට අධිකරණ පද්ධතියේ සහයෝගය අවශ්‍ය බවත් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ප්‍රථම වතාවට ලංකාවට එන එයා...

ප්‍රථම වතාවට ලංකාවට එන එයා...

එසේම, රට පුරා සියලුම බන්ධනාගාරවල සේවය කරන බන්ධනාගාර අධිකාරිවරුන් ඇතුළු උසස් නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ වෙනම විමර්ශනයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.