විදෙස් රටවල සිට 68000ක් මෙරටට - විදේශ අමාත්‍යාංශය.

Foreign
By Thaya Jan 05, 2021 06:15 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශවල සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් 68,000ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනගතව සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වීමට අඛණ්ඩව සිදු කරන බවය.

පසුගිය වසරේ පෙබරවාරි සිට මේ දක්වා කාලය තුළ රටවල් 137ක සිටි ලාංකිකයන් 60,470 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ද ඔහු පැවසුවේ ය.

ඊයේ සිට ලබන 09 වැනි දා දක්වා ශ්‍රී ලාංකිකයින් 1400 ක් ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට නියමිත බව ද විදේශ අමාත්‍යාංශය පවසයි.

මේ අතර විදේශවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුබ සාධනය සඳහා රුපියල් මිලියන 80ක් පමණ වැයකර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඉතිහාසයේ ප්‍රථම වරට මාලේ, ඩුබායි සහ දෝහා වෙත වියළි ආහාර සහ දේශිය ඖෂධ පැකට් දස දහසකට අධික ප්‍රමාණයක් ගුවනින් යැවූ බව ද විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.