රෝහල්වල අතපසුවීම් 600ක්..සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ, රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබාදීමේ දී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය අතින් සිදුවන අතපසුවීම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 600ක් පමණ ලැබෙන බවයි.

මේ වසරේ දී මෙන්ම පසුගිය වසරේ ද මෙවැනි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි, අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, සෞඛ්‍ය අංශ තම උපරිමය රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කළද යම් යම් ගැටලු පැන නගින බවත් එය අවමකර ගැනීම සඳහා කැපවිය යුතු බවත්ය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමින් රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ අදාළ පැමිණිලි විශ්ලේෂණය කිරිමේ දී අතපසුවීම් රැසක් සිදුව ඇති බවට පෙනී යන බවය.