ඔන්ලයින් ක්‍රමයට නිරුවත පෙන්නා පිරිමින් ගෙන්වා ගන්නා කාන්තාවන් 6ක් අල්ලයි

Arrest
By Thaya Jan 13, 2021 06:37 PM GMT
Thaya

Thaya

Report

අන්තර්ජාලය ඔස්සේ වෙබ් ගිණුම් විවර කර “ඔන්ලයින් ක්‍රමයට” සිය නිරුවත් සිරුර හා අඟපසඟ ඒ මොහොතේ ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කරමින් ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් කල්ලියක් බස්නාහිර බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවන් මෙලෙස වෙබ් ගිණුම් විවර කර සිය ජංගම දුරකථන අංකයද එහි සඳහන් කර ඕනෑම වයසක තරුණියක් ලබා ගැනීමේ හැකියාව ඇති බව කියමින් විවිධ වයස් මට්ටමේ තරුණියන් හෝ කාන්තාවන්ගේ රූප මෙවන් වෙබ් අඩවි ඔස්සේ අන්තර්ජාලයේ මුදාහැර තිබියදී හෙළිදරව් කරගෙන තිබෙනවා.

පසුව එම අංකවලට කතා කරන ගනුදෙනුකරුවන් සමඟ කුලුපග වන මොවුන් ඉන්පසුව ගනුදෙනුකරුවන්ගේ කීම මත හෝ ඇයගේ අවශ්‍යතාව මත හෝ සිය සිරුර “ඔන්ලයින් ක්‍රමයට” ඒ මොහොතේම ගනුදෙනුකරුවන්ට පෙන්වනු ලැබේ. ඉන් අනතුරුව ඇය සමඟ යහන් ගතවීමට ගනුදෙනුකරුවන් කැමැති නම් ඒ සඳහා අත්තිකාරම් මුදලක් “ඔන්ලයින්” ක්‍රමයට ගෙවා ඇය වෙන්කරවා ගත හැකිවේ. විවිධ වයස් මට්ටමේ යුවතියන්ට එක එක මිල ගණන් පැවැසෙන අතර පැයක් සඳහා ළාබාල යුවතියක සමඟ කාලය ගත කිරීමේ අවම මුදල රුපියල් දසදහසකි. ඉන් එහා යුවතියන්ගේ වයස් ප්‍රමාණ අනුව මිල ගණන් තීරණය කෙරේ.

මේ පිළිබඳ අවධානයෙන් පසුවූ බස්නාහිර පළාතේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් “ඔන්ලයින්” ක්‍රමයට මෙවැනි වෙබ් ගිණුමක ඉන්නා කාන්තාවන්ට කතාකොට මිල ගණන්ද තීරණය කිරීමෙන් පසු ඔවුන් විසින් කැඳවනු ලබන ස්ථානයට ගොස් ගනුදෙනුකරුවන් ලෙස හැසිරී මෙම කාන්තාවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට මෙවන් “ඔන්ලයින්” ජාලයේ හැසිරුණු කාන්තාවන් 6 දෙනකු බුද්ධි කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අදාළ වසම්වල පොලිසිවලට භාරදී තිබෙනවා.

ඒ අනුව ගල්කිස්ස ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනකුද, කොට්ටාව ප්‍රදේශයේදී කාන්තාවන් 2ක්ද, බොරැල්ල පොලිස් වසම තුළ කාන්තාවන් දෙදෙනකුද වශයෙන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.