කප්පම් ඉල්ලූ භයානක පාතාල සාමාජිකයන් 6දෙනා (CCTV VIDEO)
Dubai
Kosgama
Kalu aggala
kadaya
maluva
By Sithumi
කොස්ගම, කලුඅග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක කප්පම් ඉල්ලූ පුද්ගලයන් 06 දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායිහී සැඟවී සිටින පතාල කල්ලි සාමාජිකයෙකුගේ උපදෙස් පරිදි එම කප්පම් මුදල ඉල්ලා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත. ඒ අතර කඩයා, මාළුවා හා අශාන් නමින් හඳුන්වන පුද්ගලයින් ද වන බව පොලීසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී ගිනි අවියක්, බෝම්බයක් ඇතුළු ආයුධ තොගයක් ද පොලීසිය සොයාගෙන ඇත. මොවුන් පිරිස සැකකරුගේ ව්‍යාපාරික ස්ථානයට ගිනිතබා ඇති අතර ඔහුගේ නිවසට වෙඩි තැබීමක්ද සිදුකර තිබුණි.
ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |