මාස 6යේ බිලිදියට මරු කැඳවූ සර්පයා

Report

අද (24) අලුයම මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔලික්කුලම් පට්ටිමාපුරය ප්‍රදේශයේදී සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක් වයසැති බිලිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තම නිවසේ හිස් බිමක නිදා සිටි බිලිඳාට එලෙස සර්පයා දෂ්ඨ කර ඇති අතර ඒ බව හදිසි මරණ පරීක්ෂකවරයාගේ පශ්චාත මරණ පරීක්ෂණයේදී ද අනාවරණය වී ඇත.

මෙහිදී, අද(24) අලුයම 3.30ට පමණ මව අසල නිදා සිටි දරුවාට සර්පයෙකු දෂ්ඨ කර ඇති අතර, උදෑසන 7ට පමණ දරුවා සිහිසුන්ව සිටිම හේතුවෙන් මව විසින් රෝහල්ගත කර තිබේ.

එම අවස්ථාවේ දරුවා මියගොස් ඇතැයි අනාවරණය වී ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දී ඇත. එලෙස මියගොස් ඇත්තේ මාස 6ක් වූ ඉග්නේෂ් අභිලාෂ් නැමති පිරිමි දරුවෙකි.