ඔක්සිජන් නොලැබීමෙන් කොවිඩ් ආසාදිතයන් 6 ක් මරුට

Covid-19
By Thaya Mar 14, 2021 06:15 PM GMT
Report

ප්‍රතිකාරවලදී ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොලැබී යාම හමුවේ රෝගීන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ සමග ජෝර්දානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම මරණ අම්මාන් අගනුවරට කිලෝමීටර් 23 ක් පමණ දුරින් පිහිටි රජයේ රෝහලකදී වාර්තා වී තිබෙනවා. පැයකට ආසන්න කාලයක් පැවති ඔක්සිජන් හිගතාවය හමුවේ දැඩි සත්කාර ඒකකය මෙන්ම මෘතෘ ප්‍රතිකාර ඒකකයේ කටයුතුවලටද දැඩි බලපෑම් එල්ලවී තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.