සමූහ වෙඩි තැබීමකින් ඇමරිකාවේ 6ක් මරුට - සැකකරු වනාන්තරයකින් හමුවෙයි

Report

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන මිසොකි ප්‍රාන්තයේ සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මිචිගන් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයන් අතර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරුද සිටින බවයි. පොලිසිය විසින් සැකකරු 39 හැවිරිදි චැඩ් හික්මන් ලෙස හඳුනාගෙන තිබේ.

'AI සන්ධානයේදී චීනය සමඟත් ඇමරිකාව සමඟත් එකවර යන්න බැහැ - “එක් පැත්තක් තෝරන්න” ඇමරිකාවෙන් රටවලට දැඩි පණිවුඩයක්

'AI සන්ධානයේදී චීනය සමඟත් ඇමරිකාව සමඟත් එකවර යන්න බැහැ - “එක් පැත්තක් තෝරන්න” ඇමරිකාවෙන් රටවලට දැඩි පණිවුඩයක්

සිද්ධියෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර, ඒ අනුව පොලිසිය විසින් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. “අවි සහිතව අනතුරුදායක තත්ත්වයක සිටිය හැකි” පුද්ගලයෙකු ලෙස සඳහන් කරමින් හික්මන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ප්‍රදේශවාසීන්ගෙන්ද බලධාරීන් ඉල්ලා තිබුණි.

පසුව විමර්ශකයන් විසින් හික්මන් ගමන් කළ වාහනය වනාන්තර ප්‍රදේශයකදී සොයාගෙන ඇති අතර, එහිදී ඔහු සහ තවත් පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවී තිබේ. කෙසේ වෙතත්, වෙඩි තැබීම සිදුවීමට පෙර ඇති වූ සිදුවීම් මොනවාද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

මිචිගන් ප්‍රාන්ත පොලිස් ප්‍රකාශිකා ලුතිනන් ඇෂ්ලි මිලර් පවසා ඇත්තේ මෙම සිදුවීම ප්‍රජාවට දැඩි කම්පනයක් ගෙන දී ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන බවත්ය.

මේ අතර, අධිකරණ වාර්තාවලට අනුව හික්මන් දික්කසාද ක්‍රියාවලියකටද සම්බන්ධ වී සිට ඇති අතර, 2024 වසරේදී බාලවයස්කරුවෙකුගේ යහපැවැත්මට හානි කිරීම හා ළමා අපයෝජනය සම්බන්ධ වැරදි දෙකකට වරද පිළිගැනීමෙන් පසු වසරකට වැඩි කාලයක් ප්‍රාන්ත බන්ධනාගාරයක සිරදඬුවමක්ද නියම වී තිබුණි.

වෙඩි තැබීමට හේතුව සහ මියගිය අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාව ඇතුළු වැඩිදුර තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

ගුවන් යානයේ එන්ජිමෙන් ලෝහ කැබලි ගැලවී මගියෙකු අනූනවයෙන් බේරුණු හැටි පරීක්ෂණයෙන් හෙළි වෙයි

ගුවන් යානයේ එන්ජිමෙන් ලෝහ කැබලි ගැලවී මගියෙකු අනූනවයෙන් බේරුණු හැටි පරීක්ෂණයෙන් හෙළි වෙයි