අඟුලාන මුහුද කළඹමින් අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට [UPDATE]
By Kaushi
අඟුලාන මුහුදු තීරයේදී අනතුරට පත් නාවික හමුදාවට අයත් යාත්‍රාවේ සිටි 11දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
......................................................................
අඟුලාන මුහුද කළඹමින් නාවික හමුදා යාත්‍රාවක් අනතුරට - පිරිස සොයා හෙලිකොප්ටර් යානා දෙකක් මෙහෙයුම් {1.27pm}
අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පිරිස සොයා මුදාගැනීම සඳහා නාවික හා ගුවන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
එම මෙහෙයුම් කටයුතු සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද එක්කර ඇති බව සඳහන්.