සිරකරුවන් ගැන ඇඟ හිරි වැටෙන හෙළිදරව්වක් - බන්ධනාගාරවලින් පැනගිය 709ක් තවමත් නිදැල්ලේ
යළි අත්අඩංගුවට ගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවක් මගින් මෙම කරුණු හෙළි කර ඇති අතර, එලෙස පලාගිය පුද්ගලයන් දිගින් දිගටම නිදැල්ලේ සිටීම මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද විගණන කාර්යාලය පෙන්වා දී ඇත.
බන්ධනාගාර තුළ ජංගම දුරකථන 5,000කට වැඩි ප්‍රමාණයක් මේ අතර, 2025 වසරේදී දිවයිනේ බන්ධනාගාර 22කින් ජංගම දුරකථන 5,083ක් සොයාගෙන ඇති බවද අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.
ඊට අමතරව, ජංගම දුරකථන බැටරි – 2,432 චාජර් – 970 සිම්පත් – 4,149 වෙනත් උපකරණ – 3,111 ක් ද බන්ධනාගාර තුළින් සොයාගෙන තිබේ. මෙවැනි උපකරණ රැඳවියන් අතට පත්වීම වැළැක්වීම සඳහා වඩාත් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බව විගණන කාර්යාලය අවධාරණය කර ඇත.
බන්ධනාගාර තුළට ජංගම දුරකථන සහ සන්නිවේදන උපකරණ ඇතුළුවීම හරහා නීතිවිරෝධී ක්‍රියා මෙන්ම සංවිධානාත්මක අපරාධ හා පාතාල ක්‍රියාකාරකම් සඳහා අවස්ථා සැලසිය හැකි බැවින්, එය මහජන ආරක්ෂාවටද බලපෑමක් ඇති කළ හැකි බව වාර්තාව පෙන්වා දෙයි.
බන්ධනාගාර තුළ තදබදයත් ඉහළට මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ පමණක් පසුගිය වසර තුළ රැඳවියන් 825 දෙනෙකු රඳවා සිටි බවද විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
මැගසින් බන්ධනාගාරය සහ රිමාන්ඩ් බන්ධනාගාර ආශ්‍රිතව සිරකරුවන් සහ සැකකරුවන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුව ඇති බවද එහි සඳහන්ය.
මෙම තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රැඳවියන්ද විවිධ දුෂ්කරතාවලට මුහුණදෙන බව විගණන කාර්යාලය පෙන්වා දී තිබේ. තදබදය අඩු කිරීමට යෝජනාවක් මහර සහ වටරැක බන්ධනාගාරවල පවතින පහසුකම් තවදුරටත් සංවර්ධනය කර, රැඳවියන් වඩාත් සුදුසු පරිදි බෙදාහැරීමෙන් මෙම තදබදය අවම කළ හැකි බව විගණන වාර්තාව යෝජනා කරයි.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින සිර රැඳවියන් වටරැක බන්ධනාගාරයටත්, සැකකරුවන් මහර බන්ධනාගාරයටත් මාරු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙසද වාර්තාවෙන් පෙන්වා දී ඇත.