“අනෙකුත් පාර්ශ්වයන්ගේ දර්ශනත් ලබාදෙනවා” - නීතිඥ සංගමයට ජනපති කාර්යාලයෙන් දැනුම්දීමක්

Report

ජනපතිවරයා සමග පසුගිය 12 වනදින පවත්වනු ලැබූ රැස්වීමේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය ලිපියක් යොමු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද නිල ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම් අගෝස්තු 12 වන දිනම එම සංගමය වෙත ලබා දී ඇති බවය.

රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් සහ අදහස් දැක්වීම් ඇතුළත් පටිගත කිරීම්, අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට යටත්ව ඉදිරියේදී හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.

එමෙන්ම අදාළ වීඩියෝ දර්ශන විධිමත්ව හා නිසි පරිදි ලබා දීමට ජනාධිපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.   

[J4W6ZC6 ]       

ගොඩ ගැහුණු රස පරීක්ෂක වාර්තා 9,000කට කරන්න යන දේ ගැන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

ගොඩ ගැහුණු රස පරීක්ෂක වාර්තා 9,000කට කරන්න යන දේ ගැන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්