ජාතික පශු සම්පත් මණ්ඩලය ඉතිහාසය අලුත් කරයි - මාස 6ට රු.මිලියන 300ක ශුද්ධ ලාභයක්
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මෙම වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 300 ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉතිහාසය අලුත් කරමින් මාස 06ක් තුළ මෙවැනි වාර්තාගත ඉලක්කයක් සපුරාගැනීමට හැකි වීම විශේෂත්වයක් ලෙස සලකයි.
එමෙන්ම මූල්‍ය ලාභය මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජාතියක් වෙනුවෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ක්‍රියා කරන අතර ආයතනයේ සියලු දෙනාගේ කැපවීමෙන් හා නිවැරදි නායකත්වය යටතේ ලාභය දිනෙන් දින ඉහළ යමින් පවතින බව සඳහන්.
එසේම ආයතනික මූල්‍ය පාලනයද ශක්තිමත් කර ඇත. මෙසේ ලාභ ලැබීමට හේතු වී ඇත්තේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තෘණ හා බඩඉරිගු වගාව ව්‍යාප්ත කිරීම, ඌණ උපයෝජිත සම්පත්වලින් ආදායම් ලබාගැනීම, නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීම මෙන්ම නව ව්‍යාපෘති ක්‍රියාත්ම කිරීමයි.
එමෙන්ම මෙම ලාභය සඳහා වැඩිම දායකත්වයක් අභිජනන කුකුළු ගොවිපොළ තුළින් ලබාදී ඇත.
එමෙන්ම කරදගොල්ල, මිරිස්වත්ත සහ මාවත්ත යන බොයිලර් කුකුළු අභිජනන ගොවිපල කිහිපය ද මේ අතරින් විශේෂ වේ.
තවද කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගිය අවස්ථාවේ වෙළෙඳපොළ තුළ මිල ස්ථාවර කිරීමටත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමටත් මණ්ඩලය සුවිශේෂී දායකත්වයක් ලබා දුන් බව වාර්තා වේ.
1973 වසරේ ආරම්භ කළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ වන විට ගොවිපල 30කින් පුහුණු මධ්‍යස්ථානයකින් සහ කිරි ව්‍යාපෘතියක් සහිත ඒකක 32 කින් සමන්විත වන අතර දැනටමත් මණ්ඩලය සතු ගොවිපොල රැසක් නවීන පහසුකම් සහිතව සංවර්ධනය කරයි.