අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 6 දෙනා අධිකරණයට

Report

ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 06 දෙනෙකු අද (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබේ.

පිටකොටුව ප්‍රදේශයේදී ඊයේ (03) නීති විරෝධී ලෙස විරෝධතාව පැවැත්වීම සහ ඊට සහභාගී වීම යන චෝදනා යටතේ මොවුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.