කාටත් හොරා මහ රෑ සිසුවින් 6 දෙනෙක් කරල තියන වැඩක්..

Report

මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයක රැඳී සිටි පාසල් සිසුවියන් හය දෙනකු (14) දා රාත්‍රීයේ ඉන් පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලීසිය වාර්තා කලේය .

අධිකරණ නියෝග මත පරිවාස දෙපාර්තමේන්තුව හරහා රැකවරණයට සුදුසුකම් ලැබෙන බාල වයස්කාර දැරිවියන් රදවා සිටින මෙම රැකවරණ මධ්‍යස්ථානයේ දැනට දැරිවියන් 22 රඳවා සිටින අතර ඉන් දැරියන් හය දෙනකු මෙසේ පලා ගොස් තිබුණි.

ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා කැබ් රථයකට දමා ගිනිතියලා..

ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා කැබ් රථයකට දමා ගිනිතියලා..

පලා ගිය සිසුවියන් අතර අවුරුදු 15 හැවිරිදි දැරියන් තිදෙනෙකු අවුරුදු 16 හැවිරිදි දැරියන් දෙදෙනකු හා අවුරුදු 18 එක් දැරිවියෙකු සිට ඇති බව පොලිසිය කියයි.

ඊයේ( 14) දැරිවියන් 22 ආහාරය බෙදා වෙන්කර තිබූ අතර රාත්‍රී 8.45 පමණ වන තෙක් හය දෙනෙකුගේ ආහාර පිගන් ඉතිරිව තිබීම පිළිබදව සැක සිතී එහි පාලිකාව විපරම් කර බැලීමේදී මෙසේ හය දෙනෙකු පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.ලද පැමිණිල්ලට අනුව සිසුවියන් සොයා මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පැවැත්වීය.

කළුකුමාර දිෂ්ඨිය යවලා දරුවෙකුත් දීලා ගිය කට්ටඩියා මාට්ටු..

කළුකුමාර දිෂ්ඨිය යවලා දරුවෙකුත් දීලා ගිය කට්ටඩියා මාට්ටු..


එහිදී ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනො අගුලාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (15) සිය බාරයට ගත් බව පොලීසිය පැවසීය .

දැරියන් රැඳී සිටි නිවස එක් දැරියකගේ ඥාති නිවසක් බවත් දැරියන් මෙසේ අනාරක්ෂිතව පලායාමට හේතුව කුමක්දැයි විමර්ශන පවත්වත්වන බවත් පොලිසිය පැවසීය .