වහා, නාවික හමුදා කණ්ඩායම් 50ක් සූදානම් පිට.. හේතුව මේකයි..
මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් ස්ථානගත කර ඇත.
ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය හා බුද්ධංගල ප්‍රදේශ වෙතයි.
ඒ බව නාවික හමුදාව සදහන් කළේ ය.
එම සහන කණ්ඩායම් බුද්ධංගල ප්‍රදේශයේ ආපදාවටපත් ජනතාවට සහන සැලසීමට යොදවා තිබෙනවා.
එමෙන්ම පදවිය ප්‍රදේශයේ ඇති වී තිබෙන ගංවතුර අවදානම හමුවේ ජනතාව පීඩාවට පත්ව ඇත.
ඒ හේතුවෙන් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ජිවිතාරක්‍ෂක උපකරණ ද සමග ස්ථානගත කර තිබෙනවා.
තවද, නාවික හමුදා අමතර සහන කණ්ඩායම් 50ක් සූදානමින් තබා තිබෙනවා.
ඒ ඇති විය හැකි ගංවතුර අවදානම හේතුවෙන් ජනතාවට සහන සැලසීමට ය.
You May Like This Video👇