ලක්‍ෂ 50ක ඩුබායි වැඩක්... තවත් දෙතුන්දෙනෙක් ලිස්ට් එකේ ඉන්නවලු... කොල්ලොනේ පරිස්සමින්
මෙම ඝාතනය සිදුකිරීම සඳහා කුලී මිනීමැරුම්කරුවන් අදාළ පුද්ගලයන් දෙදෙනාව කපටි කමින් තමන් අසලට ගෙන්වා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරින් පවසන අන්දමට මෙම ඩුබායි අපරාධකරුවන් දකුණේ තවත් පිරිසක් ඉලක්ක කරමින් සිටින බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.
පොලිස් භාරයට ගත් පිරිසගෙන් මෙම ඉලක්ක පුද්ගලයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශකයන් දැඩි ප්‍රයත්නයක නිරතවී සිටින බව සඳහන්.
ඒ සඳහා මුලින් ඔවුන් ගමන් කළ මෝටාර් බයිසිකලය හප්පා බිම පෙරලා ඇත. මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකුගේ හිසට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායිහි සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන දෙහිගෙදර රංග සහ බාලේ මල්ලී යන සොහොයුරන් දෙදෙනා පාතාල කුලී ඝාතකයන්ට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සිව් දෙනකු මාතර කොට්ඨාස අපරාධ අංශය මගින් ඊයේ (23දා) වනවිට අත්අඩංගුවට ගෙන තිබිණි.
ප්‍රහාරය රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවට තහවුරු නොකළ ප්‍රකාශ සඳහන් කරන අතර පොලිසිය ඒ ඔස්සේ ද පරීක්ෂණ පවත්වයි.
මෙහිදී ඝාතනයට ලක්වූ යොමේෂ් නදීෂාන් හෙවත් මීයා සහ මෙම දෙසොහොයුරන් අතර පැවති ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ 29 හැවිරිදි පසිඳු තාරක මෙම ආරවුල්වලට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
යොමේෂ් නදීෂාන්ට කාලයක සිට මරණ තර්ජන එල්ලවී තිබූ බවද විමර්ශනවලින් හෙළිවී තිබේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ඊට හේතුවී තිබූ බවද පොලිසිය පවසයි.
මොවුන් දෙදෙනා මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ දෙවුන්දර කපුගම්පුර ප්‍රදේශයේ පැවති මිතුරකුගේ උපන් දින සාදයකට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටියදීය.
මෙම තරුණයන් දෙදෙනා යතුරුපැදියේ එමින් සිටියදී ඔවුන් ලුහුබැඳ වෑන් රථයක පැමිණි පාතාලේ කුලී ඝාතකයන් මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට සිංහාසන පාරේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
වෙඩි තැබීමට පෙර කුලී ඝාතකයන් ඔවුන් පැමිණි වෑන් රථයෙන් යතුරුපැදිය හප්පා එය පෙරළා දැමීමෙන් පසු ඔවුන් අසලටම ගෙන්වා හිසට වෙඩි තබා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම වෙඩි තැබීම සඳහා කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 අවියක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ කොපු 39ක්, මිලිමීටර් 9 පිස්තෝලවලට යොදන ජීව උණ්ඩ කොපු 3ක් පොලිසිය සොයාගෙන තිබේ. මෙම ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු කුලී ඝාතකයන් සිද්ධියවූ ස්ථානයට මීටර් 800ක් පමණ දුරින් දෙවුන්දර ධීවර වරාය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ දී ඔවුන් පැමිණි වෑන් රථයට ගිනි තබා විනාශ කර තිබියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.
ගිනි ගෙන විනාශයට පත්වූ වෑන් රථයේ තිබී ටී 56 ගිනි අවියට යොදන මැගසිනයක් සහ වෙඩි උණ්ඩ කොපු හමුවූ බවද පොලිසිය පවසයි. පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය දෙහිගෙදර රංග නමැති වැඩිමහල් සොහොයුරුගේ උපදෙස් මත ඔහුගේ බාල සොහොයුරා වන බාලේ මල්ලි විසින් සැලසුම් කර පාතාල කුලී ඝාතකයන් යොදවා සිදුකර ඇති බවයි.
දෙවුන්දර ප්‍රදේශයේ දෙහිගෙදර නමින් හැඳින්වූ සංවිධානාත්මක කණ්ඩායමක් කාලයක සිට පාතාල අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් සිටින බව මේ වනවිට හෙළිවී තිබේ.
දෙවිනුවර ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පෙරේදා අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු තිදෙනා ඊයේ (23 දා) මාතර කොටවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩ බලන මහෙස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා ඔවුන් මේ මස 29 දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නේය.
ඊට අමතරව සැකකරුවන්ට ආරක්ෂාව සලසන ලෙස ද නියෝග කෙරිණි. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා උසාවිය හමුවේ කියා සිටියේ ඔවුන් තවමත් සැකකරුවන් පමණක් බවත් ගරු අධිකරණය මගින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව පොලිසියට වගකීම පැවරිය යුතු බවත්ය.
