දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් 5ක් මරුට (VIDEO)

murder crime Norway Matale Warakapola
By Sewvandhi Oct 14, 2021 01:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දුනු ඊතල භාවිත කරමින් පුද්ගලයෙකු එල්ලකළ ප්‍රහාරයකින් නොර්වේ රාජ්‍යයේ පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර , වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා තිබුණු ආයුධයකින් පහරදී ඝාතනය කල සිදුවීමක් මාතලේ , කලුදෑවලදී ප්‍රදේශයන් වාර්තා වනවා. පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.

පහර දීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි කලුදෑවල පදිංචිකරුවෙක් වන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම , සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් වරකාපොළ ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. ඒ අද (13) දහවල් වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේ මාඔය ඉවුරේ තිබියදීය.

පොලීසිය සඳහන් කළේ මියගොස් ඇති පුද්ගලයාගේ මුඛය ප්ලාස්ටරයක් අලවා ආවරණය කරතිබූ බවය. ඒ ආසන්නයේ තිබී ජාතික හැඳුනුම්පතක් ද හමුවී ඇති අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශන අනුව එම පුද්ගලයා මීට පෙර අතුරුදන්ව සිටි අයෙකු බව පොලීසිය හඳුනාගෙන ඇත.

අදාළ හැඳුනුම්පත හිමි ලිපිනයේ පදිංචි පුද්ගලයා ඉකුත් 10 වනදා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් පන්නල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවද පොලීසිය පවසයි.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිඳ විසින් අදාළ මළ සිරුර හඳුනාගෙන ඇති අතර මරණකරු අරත්තන උඩුගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now