පාසල් යන අතරේ ගැහුණු ළමුන් 05ක් පළා යයි..පොලිසියෙන් විශේෂ විමර්ශණයක්.

Police Sri Lanka Kandy School girl Nawalapitiya
By Aruna Dec 08, 2021 02:38 AM GMT
Aruna

Aruna

Report

මහනුවර - වත්තේගම - මීගම්මන ප්‍රදේශයේ පුනරුත්ථාපන ළමා නිවාසයකින් පළා ගිය ගැහැණු ළමයින් පස් දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් එක් ගැහැණු ළමයෙකු නාවලපිටිය ප්‍රදේශයේ ඇගේ නිවසේ සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ ළමයින් පස් දෙනා පෙරේ දා දහවල් කාලයේ පළා ගොස් තිබුණේ, ළමා නිවාසය ආසන්නයේ පිහිටි පාසලකට යොමුකර සිටියදියි.

මොවුන් වයස අවුරුදු 16ත් 18ත් අතර වයස්වල පසුවන බව සඳහන්.

මෙම දැරියන් පුස්සැල්ලාව, වත්තේගම, උඩිස්පත්තුව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now