රට පුරා වැටුප් වර්ධක නොලැබුණු විශ්‍රාමිකයෝ 5000ක්

Report

2018 ජනවාරි සිට 2025 ජනවාරි අතර කාලය තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට අදියර කිහිපයක් යටතේ වැඩි කළ වැටුප් වර්ධක ප්‍රතිලාභ ගෙවීමට 2025 අයවැයෙන් විධිවිධාන සලසා ඇති අතර, මේ වන විට එම ප්‍රතිලාභ තවමත් ලැබී නැති විශ්‍රාමිකයන් 5,000කට අධික පිරිසක් සිටින බව වාර්තා වෙයි.

කෙසේ නමුත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, දෙසැම්බර් මාසයේදී විශ්‍රාමිකයන් 3,105 දෙනෙකුට ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවා අවසන් කළ බවයි.

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

"අද මම කියපු දේ මතක තියාගන්න" - අප්‍රේල් වන විට රටට බරපතල ආර්ථික අර්බුදයක් - හරීන්

අදියර කිහිපයක් යටතේ රාජ්‍ය සේවක වැටුප් වර්ධක (2018 ජනවාරි 01, 2019 ජනවාරි 01 සහ 2020 ජනවාරි 01 ආදිය) බලපෑමෙන් 2025 අයවැය මගින් විශ්‍රාමිකයන්ටද එම වර්ධක ගෙවීමට තීරණය වී ඇති නිසා, මෙතෙක් එය නොලැබූ පිරිසක් පවතින බව ඔහු සඳහන් කළේය.

“දෙසැම්බර් මාසයේ 3,105 දෙනෙකුට ගෙවූ ආකාරයටම ජනවාරි මාසයේදී තවත් පිරිසකට ගෙවීම් සිදු කරමින් මෙම කටයුතු ක්‍රමානුකූලව සිදු කෙරෙනු ඇත”

යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

 එබැවින් කලබල නොවී ඉවසිලිවන්තව සිටින ලෙස විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවද චන්දන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙනුත් ඉල්ලා අස්වෙයිද?

රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙනුත් ඉල්ලා අස්වෙයිද?