රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න රෙජිස්ට්‍රාර් සේවයට නව නිලධාරීන් 49 දෙනෙකුට පත්වීම්

Report

රෙජිස්ට්‍රාර් සේවයේ පවතින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලැබූ නව නිලධාරීන් 49 දෙනෙකුට පත්වීම් ලිපි ඊයේ (23) ප්‍රදානය කෙරිණි.

2026 මාර්තු 1 වැනිදා පැවති විවෘත තරග විභාගයේ ප්‍රතිඵල අනුව කුසලතා පදනම මත තෝරාගත් අයදුම්කරුවන් සඳහා 2026 ජූලි 1 වැනිදා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අතර, එහි ප්‍රතිඵල මත මෙම පත්වීම් ලබාදී ඇත.

නව නිලධාරීන් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.

දිට්වා නිසා හානි වූ පාසල් යළි ගොඩනැගීමට සහ වතු ප්‍රදේශවල ගුරු හිඟය විසඳීමට පියවර ගන්නා බව හරිනි අමරසුරිය කියයි

දිට්වා නිසා හානි වූ පාසල් යළි ගොඩනැගීමට සහ වතු ප්‍රදේශවල ගුරු හිඟය විසඳීමට පියවර ගන්නා බව හරිනි අමරසුරිය කියයි

පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ, රෙජිස්ට්‍රාර් සේවය ජනතාවගේ උපතේ සිට මරණය දක්වා ජීවිතයේ වැදගත් අවස්ථා සම්බන්ධ ලේඛන පවත්වාගෙන යන ඉතා වගකීම් සහගත රාජ්‍ය සේවාවක් බවයි.

ජනතාවට කාර්යක්ෂම හා තෘප්තිමත් සේවාවක් ලබාදීම රාජ්‍ය සේවකයන්ගේ ප්‍රධාන වගකීම බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විශේෂයෙන් මරණ සහතික වැනි අත්‍යවශ්‍ය ලේඛන කඩිනමින් නිකුත් කිරීම ජනතාවට විවිධ සහන හා වන්දි ලබාගැනීමේදී ඉතා වැදගත් වන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත්, රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලදීපන්, අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් ඒ. එම්. ආර්. එස්. කේ. අමරකෝන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

එල්නිනෝ හමුවේ ශ්‍රී ලංකාවේ ජලය සුරකින සැලැස්ම රජය දත්ත සමඟ හෙළිදරව් කරයි

එල්නිනෝ හමුවේ ශ්‍රී ලංකාවේ ජලය සුරකින සැලැස්ම රජය දත්ත සමඟ හෙළිදරව් කරයි