ලංකාවටම රතු එළි නිකුත් කරමින් රජරට පුරවරයම උග්‍ර අර්බුදයක - ජලාශ 778ක් සම්පූර්ණයෙන්ම සිඳී ගිහින්

Report

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසන්නේ සෑම වසරකම ජූලි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රජරට කලාපයට නියං තත්ත්වයක් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෙවර පවතින දැඩි වියළි කාලගුණය නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර ශීඝ්‍රයෙන් සිඳී යමින් පවතින බවයි.

ඒ අනුව අද (31) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ඉකුත් වසරවලට වඩා උග්‍ර තත්ත්වයක් ගනිමින් පවතින මෙම නියඟය හේතුවෙන් රජරට ජන ජීවිතයට මෙන්ම පරිසරයට සහ වනසතුන්ටද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

එමෙන්ම දිස්ත්‍රික්කයේ පවතින සුළු වාරි 2,410 අතුරින් ජලාශ 788කම ජලය සම්පූර්ණයෙන්ම වාගේ සිඳී ගොස් ඇති අතර තවත් වැව් 612ක ජල මට්ටම 5%ට වඩා පහළ බැස ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න

එමෙන්ම මුළු ජල ප්‍රමාණයෙන් 75%කට වඩා රඳා පවතින්නේ ප්‍රධාන වැව් 7ක පමණක් බවද රංජිත් විමලසූරිය මහතා පැවසුවා.

කෙසේ වෙතත් ජල මූලාශ්‍ර මෙසේ දැඩි ලෙස සිඳීයාම හේතුවෙන් පානීය ජලය සොයාගැනීම දුෂ්කර වී තිබෙන අතර, කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම වනසතුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගැනීමටද දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන්.   

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති