කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් නාහ අත්අඩංගුවට

Drugs
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (04දා) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

බහුදින ධීවර යාත්‍රාවේ උර 09 ක ප්ලාස්ටික් ඇසුරුම් හා පැකට් වශයෙන් සූක්‍ෂමව අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් පැවැතියේය.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි 60 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

සියළුම බුදිධි සේවාවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ සහයෝගීත්වයෙන් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේද සහය ලැබුණි.


GalleryGalleryGalleryGallery