නුවරට ආ 4ක් මරුට
දළදා දැක්මට හා එහි රාජකාරි සඳහා මහනුවරට පැමිණි පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇති බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු ඊයේ (24 වැනිදා) පැවැසුවාය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 69,70,74 හා 80 වයස්වල පසුවන සිවු දෙනෙකි.
ඔවුන් සියලු දෙනා වසස අවුරුදු 65 ඉක්මවූ අය බවත් එක් අයකුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. අනෙක් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පියවර ගෙන තිබිණි.
මේ අතර විවිධ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගෙවුණු දින හතක කාලයේදී පුද්ගලයන් 300ක් පමණ මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ඇත. ඔවුන් බොහෝ දෙනෙක් විජලනය හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්ව රෝහල ගතකර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව ද සෞඛ්‍ය මධ්‍යස්ථන 09ක් ක්‍රියාත්මක අතර, එවායින් පසුගිය දින කිහිපයේ දී 3000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබේ. මේ අතර දළදා වන්දනාවට පැමිණ සිටිය දී රෝගී වන පුද්ගලයන් රෝහල් ගත කිරීම සඳහා සුවසැරිය ගිලන් රථ 07ක් යොදවා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල පැවැසීය.
