හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ලක්ෂ 24ක දේපළ කොල්ලකාලා.

Sri Lanka Police
By Wayomi Feb 21, 2024 08:27 AM GMT
Wayomi

Wayomi

Report

හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී රුපියල් ලක්ෂ විසි හතරකට ආසන්න වටිනාකමක් ඇති දේපළ කොල්ලකා පලා ගිය සැකකරුවන් සිව් දෙනෙකු අද (21) බස්නාහිර දකුණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුනා.

ඔවුන් එලෙස කොල්ලකා ඇත්තේ, මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ මෑන් පවර් ඒජන්සියක්.

මෙලෙස අත්අඩංගුවට ගැනුනේ, අවුරුදු 20, 36,38, 44 වයස් කාණ්ඩවල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් කොල්ලකන ලද එම භාණ්ඩ සමඟ මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර මොවුන් තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් වන බවත්, මත්ද්‍රව්‍ය පානය සඳහා මෙලෙස මංකොල්ලකෑම් සිදු කරන බවත් පොලිසිය සඳහන් කළා.

මෙම සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.  


Gallery
ReeCha