මහ පාන්දර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය දෙදරයි - ප්‍රබල භූමිකම්පාවක් - සුනාමියක් එනවද නැත්ද යන්නත් දන්වයි
By Kaushi
අද(03) අලුයම වික්ටෝරියා ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 4.8 ක භූමිකම්පාවක් ඇති වූ බව වාර්තා වේ.
එය මෙල්බර්න් නගරය දෙදරුම් කමින් මුළු කලාපය පුරාම ජනතාව අවදි කිරීමට සමත්ව ඇත.
ඕස්ට්‍රේලියානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙල්බර්න් සිට කිලෝමීටර් 130ක් ගිනිකොන දෙසින් පිහිටි ලියොන්ගාතා අසල අලුයම 2.01 ට මෙම රික්ටර් පරිමාණයේ 4.8ක භූමිකම්පාව අනාවරණය වූ බවයි.
එසේම එහි බලපෑම නගරයේ නැගෙනහිර තදාසන්න ප්රදේශවලටද දැනී තිබුණා.
මේ අතර භූමිකම්පාව පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 10 ක් පමණ ගැඹුරින් සිදුවී ඇතැයි ගණන් බලා ඇත. කෙසේ වෙතත් භූ කම්පනයෙන් සුනාමි තර්ජනයක් නොමැති බව කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කළා.