මෙරට තුන්වන කොවිඩ් එන්නත හෙට සිට.. මුලින්ම ලැබෙන පිරිසත් මෙන්න.

Covid Sri Lanka 3rd vaccines
By Aruna Oct 31, 2021 06:32 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුළු ඉදිරි පෙර වෘත්තිකයන්ට කොරෝනා මර්ධන එන්නතේ තුන් වන මාත්‍රාව ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා සියලු කටයුතු සියලූ කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා.

මෙරට ජනතාවට ලබා දීම ආරම්භ කෙරෙන අතර එහිදී සෞඛ්‍යය, ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙර පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට නියමිතයි.

මේ සඳහා මිලියනයක එන්නත් තොගයක් ලැබී ඇති අතර සෑම සතියකම ලක්ෂ 4ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

විවිධ හේතු මත එන්නත්කරණයට යොමු නොවූ පිරිස් ඒ සඳහා යොමු කරවීමට එවැන්නන් සොයා ගෙයින් ගෙට ගොස් එන්නත් කරණයට යොමු කෙරෙන බව ද අමාත්‍යවරයා සදහන් කළා. 

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.