රනිල් දුන්න බාර් ලයිසන් ගැන.. විස්තරේ මාලිමාව එළියට දායි.. දේශපාලකයොත් ඉන්නව ද?. වැඩියෙන්ම බස්නාහිරට..

Parliament of Sri Lanka Sri Lanka Parliament Bimal Rathnayake Latest Headlines National People's Power - NPP
By krishani Dec 04, 2024 03:05 PM GMT
krishani

krishani

Report

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ 2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බවයි.

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

පසුගිය ආණ්ඩුවෙන්, තැබෑරුම් වලට බලපත්‍ර ගත්ත කට්ටිය කවුද?. දන්න කියන දේශපාලකයොත් ඒ අතර ද?. නම් ලැයිස්තුව එළියට?...

පසුගිය ආණ්ඩුවෙන්, තැබෑරුම් වලට බලපත්‍ර ගත්ත කට්ටිය කවුද?. දන්න කියන දේශපාලකයොත් ඒ අතර ද?. නම් ලැයිස්තුව එළියට?...

එයින් වැඩිම බලපත්‍ර ප්‍රමාණයක් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර, එම ප්‍රමාණය 110ක් බව ඔහු පැවසීය.

එයට අමතරව දකුණු පළාතට බලපත්‍ර 48ක්, උතුරට 32ක්, නැගෙනහිරට 22ක්, මධ්‍යමට 45ක්, උතුරු මැදට 14ක්, වයඹට 30ක්, ඌව හා සබරගමුවට 30 බැගින් මෙම බලපත්‍ර ලබාදී ඇති බව පැවසීය.

මෙම ලබාදුන් බලපත්‍රවලින් 172ක් ලබාදී ඇත්තේ මත්පැන් සිල්ලරට විකිණීම (වයින් ස්ටෝස්) හෙවත් FL- 4 කාණ්ඩය යටතේ ලබාදෙන බලපත්‍ර බව ද ඒ පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සභානායක බිමල් රත්නායක මහතා,

"මේ බලපත්‍ර දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් බව පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමතියි.."

You May Like This Video👇 

.

ReeCha