අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ 33 දෙනෙකු මරුට...
ඉන්දියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මැතිවරණ නිලධාරීන් ඇතුළු පුද්ලයින් 33 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.
බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල රාජකාරියේ යෙදී සිටි මැතිවරණ නිලධාරීන් ද මිය ගිය පිරිස අතර සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දිල්ලි අගනුවර මේ සතියේ ඉහළම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 52.9 ක් ලෙස වාර්තා වී තිබේ. එමෙන්ම, පසුගිය බ්‍රහස්පතින්දා බිහාර් හි පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇත.
කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක වන අදියර හතකින් යුත් ජාතික මැතිවරණ සංවිධානය කිරීමට සම්බන්ධ පුද්ගලයින් 10 දෙනෙකු එම මිය ගිය පිරිස අතර සිටින බව වාර්තා වේ.