මෙවර අයවැයෙන් සියලුම රජයේ සේවකයන්ට 30%ක වැටුප් වැඩි කිරීමක්

Report

පාර්ලිමේන්තුවට අද (07) දින ඉදිරිපත් කරන ජාතික ජනබලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනයෙන් සහන රැසක් යෝජනා කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මාණ්ඩලික නිලධාරීන් ඇතුළු රජයේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් වැඩි කිරීමක් ලබාදීම, සියලුම විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීම සහ වතුකම්කරුවන්ගේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ නැංවීම ඇතුළත් බව සඳහන්.

එසේම මාණ්ඩලික නිලධාරින් ඇතුළු රජයේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් ලබා ලබාදීමට සහ විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීමට අයවැය ලේඛනයෙන් රුපියල් කෝටි 13,000 ක අමතර ප්‍රතිපාදනය වෙන් කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අද මේ වෙලාවට අයවැය පාර්ලිමේන්තුවට

අද මේ වෙලාවට අයවැය පාර්ලිමේන්තුවට

තවද රජයේ සේවකයන්ට තවත් සියයට තිහක වැටුප් වැඩි වීමක් ලබන 2027 වසරේ දී ලබා දීමට ද අයවැයෙන් යෝජනා කරන බවට ආරංචි ලැබේ.

මේ අතර අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් මෙවර රුපියල් කෝට් 24,000 ක මුදලක් වෙන්කර ඇති බව ද ආරංචි වේ.

එමෙන්ම මෙවර අයවැය ලේඛනයෙන් වාහන සඳහා බදු ඉහළ නැංවීමක් නොකළත් පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමට විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන යෝජනාව ඉවත් කර ඇති බව ද සඳහන්.

ඊට අමතරව ඉදිරි මුදල් වර්ෂයේදී රජය රුපියල් කෝටි 65000 ක ආදායමක් බලාපොරොත්තු වන බවද ආරංචි මාර්ග දක්වයි.

තවද අපනයන අමතරව දිරිගැන්වීම සඳහා ද මෙවර අයවැය ලේඛනයෙන් විශේෂ සහන සහ යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්