අවුරුදු තුනක දියණියට දිවි අහිමි කළ යකඩ ගේට්ටුව

accident Maduragoda dodam gaslanda gate
By Sewvandhi Dec 25, 2021 06:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මදුරාගොඩ පොලිස් වසමේ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක යකඩ ගේට්ටුවක් ඇඟ මතට කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් වයස අවුරුදු 03ක කුඩා දැරියක් මියගොස් තිබෙනවා.

අදාළ දැරිය සම වයසේ පසුවන තවත් පිරිමි දරුවෙකු සමග නිවස ඉදිරිපිට ඇති ගේට්ටුව අසළ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මෙම දැරිය රීදිගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර මදුරාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.