විදේශ රැකියා බලාපොරොත්තුවෙන් මෙවැනි දෙයක් කිරීමට පෙර තව වරක් සිතන්න..
By Piyumika
කාන්තාවන් විදේශ රටවලට යවන බව පවසා කාන්තාවන් 12 දෙනෙකුගෙන් රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් වංචා කළ කාන්තවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබුවා .
මුදල් ගෙවා මාස හතරකට වඩා වැඩි කාලයක් ගත වී ඇතත් ඔවුන්ට විදේශ රැකියා නොලැබුණු හෙයින් කාන්තාවන් හතර දෙනෙකු යාපනය පොලීසියට කල පැමිණිල්ලක් මතයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් තුන් දෙනාගෙන් කාන්තාවන් දෙදෙනා යාපනයේ පදිංචිකාරියන් වන අතර, පිරිමි පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන ඇත .