ඊශ්‍රායල් රැකියා සඳහා 3575ක් පිටව යයි
ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වර්ෂයේදී ශ්‍රී ලාංකිකයින් 3,575 දෙනෙකුට ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
මේ අතර, 77 දෙනෙකු නොවැම්බර් 18 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගිය අතර, ඔවුන් වෙත ගුවන් ටිකට්පත් කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශ ශ්‍රවණාගාරයේදී ලබාදෙන ලදී.
තවද 152 දෙනෙකු නොවැම්බර් මාසය තුළ, සහ 464 දෙනෙකු දෙසැම්බර් මාසයේ මුල් සතියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටී.
ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ඇති යටිතල පහසුකම් උප-ක්ෂේත්‍රය සඳහා ද 252 දෙනෙකු මෙම වර්ෂය තුළ පිටත්ව ගිය අතර, තවත් 34 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව යාමට සූදානමින් සිටී.
කාර්යාංශය නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තීය රැකියා සඳහා විදේශ ගත කිරීමට අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.