සහල් හිඟයට සුබ ආරංචියක්
ශ්‍රී ලංකා රේගුව මඟින් දේශීය වෙළෙඳ පොළේ තිබෙන කීරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් 23 වනදා එහි පළමු තොගය රටට පැමිණ ඇති බව ප්‍රකාශ කරයි.
එමෙන්ම ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ඉකුත් සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවයි.
එසේම ඉකුත් දා දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් පසුගිය 15 වනදා සිට ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.
එබැවින් ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට රජය පියවර ගෙන තිබුණා.
තවද ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට එහිදී මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව සහල් ආනයනයට අවසර දී තිබෙනවා.
කෙසේ වෙතත් මෙරට ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර ඉන් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය සියයට 10 ක්, එනම් මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් පමණ වන බව වාර්තා වේ.