රට පුරා වැටලීම් 3,018කින් සැකකරුවන් 3,017ක් අල්ලයි, පොලීසියෙන් නිවේදනයක්

Report

සුළු, මධ්‍ය හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පොලීසිය මඟින් සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලින් ඉකුත් 05 වැනිදා සිට 11 වැනිදා දක්වා සැකකරුවන් 3,017ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ වැටලීම් 3,018කින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව‍යි.

ඒ අතර වැඩිම වැටලීම් ගණනක් සිදුකර ඇත්තේ හෙරොයින් සම්බන්ධ වැටලීම් වේ. ඒ වැටලීම් 1,014ක් වශයෙන්.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

එමෙන්ම එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණනද 1,014ක් බව සඳහන්. මේ අතර අයිස් සම්බන්ධ වැටලීම් 1,031ක් සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 1,030ක් වශයෙන් දක්වයි.

ඊට අමතරව මෙම වැටලීම්වලදී හොරයින් කිලෝ 1යි ග්‍රෑම් 618කට වැඩි ප්‍රමාණයක්ද අයිස් කිලෝ 2යි ග්‍රෑම් 156කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනීමටද පොලීසිය සමත්ව ඇත.

එසේම මෙම විශේෂ වැටලීම්වලදී මත්පෙති 8,260ක්ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඒ සම්බන්ධ සැකකරුවන් 48 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පවසයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස දීමනාව අද බැංකු ගිණුමට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස දීමනාව අද බැංකු ගිණුමට

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා