මහරගම යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Report

මහරගම පුවක්පිටිය විපක්ෂාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැර නිසා රථවාහන ගමනාගමනය සීමා කර ඇත.

එබැවින් පොලීසිය නිවේදනය කළේ හෙට (13) දින සවස 7.30 සිට අලුයම 3 දක්වා වු කාලයේ දී මෙම වාහන ධාවනය සීමා කරන බවයි.

මෙම පෙරහැර විපක්ෂාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී විපක්ෂාරාම පාර, දෙහිවල පාර හරහා මහරගම ඩිපෝව අසල විද්‍යාකර මාවතෙන් දකුණට විද්‍යාකර මාවත ඔස්සේ ගමන් කර හයිලෙවල් පාර, ඇල්හේන පාරෙන් වමට ගමන් කර මහරගම ඔරලෝසු කණුව අසලින් යළි දෙහිවල පාර ඔස්සේ විහාරස්ථානයට ගමන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය දැනුම් දී තිබෙනවා.

* හයිලෙවල් මාර්ගයේ කොළඹ දිසාවට ගමන් ගන්නා රථ වාහන ජනාධිපති හන්දියෙන් පරණ පාර ඔස්සේ ද දෙහිවල, පිළියන්දල, බොරලැස්ගමුව ගමන් ගන්නා රථවාහන ජනාධිපති හන්දියෙන් වම් පසට ඇති මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.

*හයිලෙවල් මාර්ගයේ කොට්ටාව දෙසට ධාවනය වන රථ වාහන පරණ පාර ඔස්සේ බොරලැස්ගමුව, දෙහිවල පිළියන්දල ගමන් ගන්නා වාහන වත්තේගෙදර හන්දියෙන් වත්තේගෙදර මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.

*බොරලැස්ගමුව දෙස සිට මහරගම කොට්ටාව හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහන වැව පාර ඔස්සේ වත්තේගෙදර හරහා ගමන් කළ හැකිය.

* පිළියන්දල දෙස සිට මහරගම කොට්ටාව කොළඹ දිසාවට ගමන් ගන්නා වාහන සොම්බෝ හෝටලට අසලින් දකුණට ඇති මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න