බලන්ගොඩ රා තැබෑරුම කෝටි තුනකට ටෙන්ඩර් වෙයි

By Mithu Sep 12, 2025 02:57 PM GMT
Report

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි අංක 01 රා තැබෑරුම 2026 වර්ෂය සදහා රුපියල් තුන් කෝටි හැත්ත හතර ලක්ෂ හැට හතර දහසකට අද (12) දින ටෙන්ඩර් වු බව බලංගොඩ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ගයානි රේණුකා මහත්මිය පැවැසුවාය.

එය රජයේ තක්සේරු මුදලට වඩා රුපියල් ලක්ෂ එක සිය පනහකින් පමණ වැඩි වීමකි. රා තැබෑරුම ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබුණු අතර වැඩිම ලංසුව ඉදිරිපත් කල පුද්ගලයාට 2026 වර්ෂය සදහා රා තැබෑරුම ලබා දීම සිදුවිය.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

ඒ අනුව ටෙන්ඩර් කරු එක් දිනකට රජයට රුපියල් එක් ලක්ෂ දෙදෙහස් හයසිය හතලිස් එකක් ගෙවිය යුතු වේ.

පද්මෙට සහ කමාන්ඩො සලින්තට ආයුධ සැපයූ ලුතිනල් දින 7කට රඳවා ප්‍රශ්න කිරීමට අවසර

පද්මෙට සහ කමාන්ඩො සලින්තට ආයුධ සැපයූ ලුතිනල් දින 7කට රඳවා ප්‍රශ්න කිරීමට අවසර