කෝටි 80ක මුල්‍ය අවභාවිතා - හිටපු ඇමති අර්ජුනටයි, සොහොයුරාටයි තියෙන චෝදනා ගැන පරීක්ෂණයෙක් ඉල්ලයි

Report

රුපියල් මිලියන 800ක අරමුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංග යන අය වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ඉක්මන් කරන මෙන් සිවිල් බුද්ධි පෙරමුණ මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ ඉල්ලීම සිදු කිරීමෙන් පසුව මාධ්‍ය අමතමින් එම පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා විසින් මෙම මුදල් අවභාවිතාව සිදු වී ඇත්තේ අර්ජුන රණතුංග මහතා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ සමයේදී බව ප්‍රකාශ කළා.

එසේම එකල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කර ඇත්තේ ධම්මික රණතුංග මහතා බවත්, මෙම සහෝදරයන් දෙදෙනාටම චෝදනා එල්ල වී ඇති බවත් ඔහු කියයි.

සංජය මහවත්ත මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ 2019 වසරේදී මෙම සිද්ධිය පිළිබඳව ගොනු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවත්, විමර්ශන කටයුතු මෙලෙස නැවතී තිබීම සැකයට භාජනය විය යුතු බවත් ය.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි

චන්ද්‍රිකා වැටිලා - උකුල් අස්ථිය බිඳිලා සැත්කමකුත් කරලා නිල නිවසෙන් ඉවත් වෙන්න සති 3ක් ඉල්ලයි