බිහිසුණු අනතුරක්, කොංගෝවේ බෝට්ටුවක් පෙරළී 86 දෙනෙක් ජීවිතක්ෂයට
වයඹදිග කොංගෝවේ ඉක්වටර් පළාතේ බෝට්ටුවක් පෙරළීමෙන් දරුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුර නිසා අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර අනතුරෙන් මියගිය පිරිසෙන් වැඩිදෙනෙක් සිසුන් බවද පවසයි.
කෙසේ වුවත් තවමත් මෙම අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතව තොරතුරක් ලැබී නැති බව වාර්තා වේ.