බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී ජංගම දුරකථන 29ක්

Report

දරුණුගනයේ  අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන ඇත.

මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) දිනයේ සිදුකළ පරීක්ෂා කිරීමකදීය.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ් - බැංකු ගිණුම් 13ක් අත්හිටුවයි

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ් - බැංකු ගිණුම් 13ක් අත්හිටුවයි

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන පුවත ගැන විශේෂ පොලිස් නිවේදනයක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන පුවත ගැන විශේෂ පොලිස් නිවේදනයක්

එමෙන්ම මරණ දඬුවම නියමව සිටින "දෙමටගොඩ චමින්ද" රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "වෙලේ සුදා"ගේ සිරමැදිරියේ හා "මිදිගම රුවන් "ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.