වේයන්ගොඩ පාසලක සිසුන් 27ක් රට හැර ගිහින්.

Sri Lanka Sri Lankan Schools
By Wayomi Aug 07, 2023 06:22 AM GMT
Wayomi

Wayomi

Report

මාස තුනක් වැනි කෙටිකාලයකදී, වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් විසි 27දෙනෙක් විදේශ රටවල අධ්‍යාපනය සඳහා පාසලෙන් අස්වී ගොස් ඇති බව වාර්තා වෙනවා.

එහි විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න මහතා කියා සිටියේ, ඒ තත්ත්වය රටක් වශයෙන් අහිතකර තත්ත්වයක් බවයි.

විදුහල්පති වරයා මේ බව පැවසුවේ 1985 සිට පුරා වසර 21 ක කාලයක් ශාන්ත මරියා විදුහල වෙනුවෙන් ක්‍රීඩා කටයුතුවල යෙදුණු ආදි සිසුන් ගේ සුහද හමුවේදී අදහස් දක්වමින්.

එහිදී විදුහල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ගත වූ කාලයේ රටේ උද්ගත වූ තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර විදේශ පදිංචියට යාම නිසා පළමු ශ්‍රේණියේ සිට පස්වන පස් වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ දරුවන් 27 දෙනකු මෙසේ තම පාසලෙන් අස්වී ගොස් ඇති බවයි.

ReeCha